Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
“මට වතුර තිබහක් ආපු නිසා මම කාණුවෙන් ගොඩට ආවා. ඒත් එක්කම ඉවුර කඩාගෙන පස් කන්ද වැටිලා ඒ තුන්දෙනා යටවුණා” - මාවනැල්ලේ සිද්ධිය ඇසින් දුටු ජයම්පති ...

- “මට වතුර තිබහක් ආපු නිසා මම කාණුවෙන් ගොඩට ආවා. ඒත් එක්කම ඉවුර කඩාගෙන පස් කන්ද වැටිලා ඒ තුන්දෙනා යටවුණා” - මාවනැල්ලේ සිද්ධිය ඇසින් දුටු ජයම්පති ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,510 Views

“මමයි සංජීවයි අපි කට්ටියම එතන කාණුව කැපුවා. මම කාණුව අස්සේ ඉඳලා වතුර තිබහක් ආව නිසා එතැනින් එළියට ආවා. ඒ එක්කම වගේ කාණුවේ ඉවුරේ පස් කඩා වැටිලා ඒ තුන්දෙනා යටවුණා.” යැයි මාවනැල්ල මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමේ සිද්ධියට මුහුණ දුන් යු.ඩබ්. ජයම්පති ජයරත්න පැවසුවා.


මාවනැල්ල අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට ප්‍රධාන මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ බැම්මක් බදිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා අද (29) පෙරවරුවේ තිදෙනෙක් එයට යට වී මිය ගොස් තිබුණා.


එම සිදුවීම වන අවස්ථාවේදී අදාළ කාණුව කපමින් සිව් දෙනෙකු සිට ඇති බව වාර්තා වුණා. එම බැම්ම බැඳීම සඳහා සිටි කම්කරුවන් සිව් දෙනාගෙන් අයකු වූ ජයම්පති යන අය වතුර පිපාසයක් හේතුවෙන් ඉන් එළියට ගොස් සිටියදි මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදු ව තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යු.ඩබ්. ජයම්පති ජයරත්න මෙසේ ද පැවසුවා.

‍’මගේ ගෙවල් කහකොටුවේ. මම මෙතනට ආවේ කන්ට්‍රැක් බාසුන්නැහැගේ උවමනාවට. මේ කොන්ත්‍රාත්තුව අරන් තිබුණේ වසන්ත. එයා එක්ක අපි කාලයක් තිස්සේ වැඩ කරනවා එයා කෝල් එකක් දීලා අපි දවස් හතරක් තිස්සේ මෙතන වැඩ කරනවා. අපි උදේ අටට විතර වැඩ පටන් ගත්තා. මාත් එක්ක තුන්දෙනෙක් වැඩ කළා. සංජීව, වසන්ත සහ ජිනේ. මමයි සංජිවයි අපි ටික ඊට පස්සේ කාණු කපමින් සිටියා. මට වතුර තිබහක් ආවා. මම වතුර බොන්න ගොඩට ආවා. ඊට පස්සේ තමයි ඉවුර ඇවිත් තුන්දෙනා යට වුනා. මම කාණුව අස්සේ ඉදලා වතුර බොන්න උඩට ආවාට පස්සේ තමයි මේ සිදු වීමට මුහුණ දුන්නේ”


මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් පොලිසිය යුධ හමුදාම එක්ව බැකෝ යන්ත්‍රයක්ද උපයෝගි කර ගනිමින් පස් ඉවත්කර කම්කරුවන් සොයා ගන්නා විට ඔවුන් මිය ගොස් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම බැම්ම ඉදි කරමින් සිටි ස්ථානයට ඉහළින් අලුත් නුවර දේවාලයට සහ අලුත් නුවර නගරයට යන ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මෙම සිදුවීමෙන් පසුව එම මාර්ගයද තාවකාලිකව වසා මෙම පිරිස සොයා ගැනීමට මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම බැම්ම ඉදි කරන්නට කොන්ත්‍රාත් පදනම් මත මෙම කටයුත්ත භාර දී තිබුණු අය එම නිවසේ අයිති කරු වන අතර ඔහු කෑගල්ල පොලිස්සේ සේවය කරන නිලධාරියෙක්. ඔහු, ඩබ්ලිව්. ඩබ්ලිව්. ප්‍රේමතිලක.

ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවා.

''මෙතන පස් කඩා වැටෙන නිසා බැම්මක් ගහන්න ඔනෑ කියලා මම කල්පනා කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේ ආසන්නයේ ස්ථානයක වැඩක් කරමින් හිටියා බාස්ලා කිහිප දෙනෙක්. ඒ අයට මම කතා කරලා කිවා මාගේ වැඩක් තියෙනවා කරලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. මම වැඩට ගියපු වේලාවක ඇවිත් බලලා ලක්ෂ දෙකයි පනස් දාහකට කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා තිබුණා. මම කිවා දෙකයි හතලිහකට කරමුද කියලා. ඊට පස්සේ හා කියලා කොන්ත්‍රාත් පදනම මත වැඩේ භාර ගත්තා. ඊට පස්සේ කාණු කපමින් සිටියා. එතකොට සද්දයක් ඇහුණා. බලද්දි සම්පුර්ණයෙන් කාණුව වැහිලා. ඊට පස්සේ ළඟ අහල පහල අයට යාළුවන්ට කතා කරලා බැකෝ ගෙනත් මේ අය ගොඩ ගත්තා. නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන් මෙලොව හැර ගිහින් තිබුණා.”

මිය ගිය අයගේ දේහයන් මේ වන විට මාවනැල්ල රජයේ රෝහලේ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


මෙලෙස මිය ගිය අය අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වයස අවුරුදු 63 ක් වන පී.පී. ජිනසෝම, වයස අවුරුදු 40 ක් වන ලලිත් ප්‍රියන්ත කුමාර සහ වයස අවුරුදු 47 ක් වන පි. සංජීව නන්දසිරි යන අයයි.

මේ සියලු දෙනාම එකම ගම්මානයේ අය වන අතර සියලු දෙනාම විවාහකයන් බවයි පොලිසිය පවසා සිටියේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top